Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව ගැන IMF සතුටින් 


2023-09-21 14889

 

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩ පිළිවෙළේ ප්‍රගතිය ඇගයීමට

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව බදාදා (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත අගයකට ගෙන ඒමට මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය කිරීම හා සංචාරක කේෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය මෙහිදී සිය සතුට පළ කළාය. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළහි ප්‍රගතිය ද ඇයගේ ඇගයීමට ලක් විය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, ආයෝජන මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment